Go with our Telegram Channel About Us Join Now !

ඇනිම් වල ඇයි මෙච්චර පූසො?

ඇයි ඇනිම් වල ගොඩක් පූසො ඉන්නෙ... මේක මටත් කාලයක් ඉදන් තිබුන ප්‍රශ්නයක්... සාමාන්‍යෙන් ඔය ඇනිම් වලින් 70% ක විතරම කොහෙන් හරි පූසෙක් බලාගන්න පුලුවන්...

 



ඇයි ඇනිම් වල ගොඩක් පූසො ඉන්නෙ?

මේක මටත් කාලයක් ඉදන් තිබුන ප්‍රශ්නයක්... සාමාන්‍යෙන් ඔය ඇනිම් වලින් 70% ක විතරම කොහෙන් හරි පූසෙක් බලාගන්න පුලුවන්... හුගක් වෙලාවට school theme එකට යන anime වල මේක බහුලයි...

තවත් ඇනිම් තියෙනවා පූසෙක් තේම කරෙගෙන හදපු... 


1. The Cat Returns

2. Stand by Me Doraemon!

3. Natsume’s Book of Friends

4. Chi’s Sweet Home (2008 Version)

5. Fruits Basket

6. Yo-Kai Watch

7. Windy Tales

8. A whisker Away

වගේ ඇනිම් ඒ අතර ප්‍රධානයි... 

ඉතින් අද කතාකරන්න යන්නෙ ඇයි Anime වල මෙච්චර පූසො ඉන්නෙ 

සහ​ 

Anime සහ පූසන් අතර සම්බන්ධය මොකක්ද කියලා...


මේක පටන් ගන්නෙ ජපන් සංස්කෘතියත් එක්කයි...සාමාන්‍යෙන් ජපානෙ මිනිස්සු ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා... මේ නිසා එයාල දවසක්ට වැඩි පැය ගණනක් වැඩ කරනවා අනිත් රටවලට සාපේක්‍ෂව​... 

එතකොට හිතන්න එයාල Pet කෙනෙක් විදිහට බල්ලෙන්, හාවෙක්, ගිරවෙක්, මාලුවෙක් වගේ ඇති කරොත් ඒ සතාට වෙලාවට කන්න දෙන්න ඕනෙ...

 

එතකොට පූසන්ට කන්න දෙන්න ඕනෙ නැද්ද​?

  • ඔන්න ඔතනදි තමයි පූසො ජපන් සංස්කෘතිය තුල විශේශ සත්ත්ව වර්ගයක් වෙන්නේ... ජපානෙ විතරක් නෙවේ හැම රටකම ඉන්න පූසන්ට එහෙම විශේශයෙන් කන්න දෙන්න ඕනෙ නෑ... මොකද එයාල හුගක් වෙලාවට තමන්ට අවශ්‍ය ආහාර හොයාගන්න දන්නවා... නමුත් අපි පුරුදු වෙලා ඉන්නවා එයාලට බල්ලෙක්ට, මාලුවක්ට වගේම නිතරම ආහාර ලබාදෙන්න​...


ඉතින් ජපානෙ මිනිස්සුන් ගේ කාර්‍යබහුලත්වයට ගැළපෙනම සත්තු වර්ගයක් විදිහට පූසො හදුන්වන්න පුලුවන්...


ඒ පළවෙනි එක​...

ඊලග දේ තමයි ජපානෙ විශ්වාසයක් තියෙනවා පූසො කියන්නෙ "හොද දේක" එහෙමත් නැත්නම් "වාසනාවේ සංකේතයක්" කියලා... 

මේනිසා ජපානෙ වෙනම දූපතක් තියෙනවා පූසන්ට විතරක් වෙන්වුනු...ඒවගේම් බල්ලො වගේ සත්තු ආරක්ශාවටත් පූසන් හුරතලයටත් ඇති කිරිම් තමයි ජපානෙ විදිහ​.

"ඒ වගේම ඇනිම් වලදි පූසො වගේම පූසන් විදිහට පරිවර්තනය වෙන මිනිස්සුත් මිනිස්සු විදිහට පරිවර්තනය වෙන පූසොත් ඉන්නවා..."

උදා :

🔰 ඇනිම් වල ප්‍රසිද්ධ පූසො: Jiji (Kiki’s Delivery Service), Chi (Chi’s Sweet Home), Korin (Dragon Ball Z), Happy/Charle/Pantherlily/Frosch (Fairy Tail), The Cats (The Cat Returns), Meowth (Pokemon), Luna (Sailor Moon) and Molly (The Ancient Magus Bride).


Jiji | Kiki's Delivery Service


🔰 පරිවර්තනය වෙන පූසො හෝ මිනිස්සු: Blair (Soul Eater), Nyanko-Sensei (Natsume’s Book of Friends), Mao (Darker than Black), Kirara (InuYasha), Yoruichi Shihouin (Bleach), and Kyo Sohma (Fruits Basket).

Miyo Sasaki A Whisker Away
Miyo Sasaki | A Whisker Away


ඉත්න් මේ ලිපියෙන් අද කතා කරේ ඇයි ඇන්ම් වල ගොඩක් පූසො ඉන්නෙ කියලා... මේ ලිපියට අවශ්‍ය තොරතුරු internet එකෙන් හොයාගත්ත නිසා ඒවගේ වැඅරදි අඩුපාඩු තියෙයි... ඒ නිසා ඒ වගෙ වැරැද්දක් තිබ්බොත් පහලින් කමෙන්ට් එකක් දාන්න...

About the Author

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

2 comments

  1. හරි හරි 👍🐱
  2. Oooo ☺️
Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.