Go with our Telegram Channel About Us Join Now !

Mitchells vs. the Machines [ සිංහල හඩකැවූ ] Sinhala

මේකෙ අපිට හඳුන්වාදෙන කෘතිම බුද්ධියෙ නම තමයි පෑල්. පෑල් ලැබ්ස් සමාගමෙන් නිර්මාණය කරන ලද මෘදුකාංගයක්. හැමෝම වගේ පාවිච්චි කරන්නෙ පෑල් සහිත මොබයිල් ෆෝන...

 

2021 ‧ Comedy/Sci-fi ‧ 1h 54m

Mitchells vs. the Machines

Release date: November 20, 2021 (USA)
Director: Michael Rianda
Screenplay: Michael Rianda, Jeff Rowe
Producers: Phil Lord, Chris Miller, Kurt Albrecht
Production companies: Sony Pictures Animation, Columbia Pictures, One Cool Group Limited, Lord Miller
Distributed by: Netflix, Columbia Pictures

Trailer | HD

Plot

කොහොමද හැමෝටම, ප්‍රවේසමෙන් එදිනෙදා කටයුතු කරගෙන ඉන්නවා ඇති කියල හිතනව. අද මුහුණට මුහුණ හමුවෙන මිනිස්සු හෙට වෙනකොට මුණගැහෙන්න ඉඩක් නොලැබෙන තරමේ තත්වයක් තියෙන කාලයක් අපි පසු කරමින් ඉන්නේ. ඉතිං ඒ නිසාමදෝ මන්දා පවුලේ සාමාජිකයින් අතර බැඳීම ගැන සැහෙන්න දැනෙනවා, වෙනදාටත් වඩා වැඩියෙන්. පවුලේ හැමෝටම බලන්න පුළුවන් හරි ලස්සන කතාවක් මේක. සමහරවිට මේ අවුරුද්දේ හොඳම ඇනිමේෂන් එක මේක වෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ වගේම කියන්න ඕන මේක ඇවිල්ල ඇවෙන්ජර්ස් ඒජ ඔෆ් අල්ට්‍රෝන් කතාවේ ලයිට් වර්ෂන් එක වගේ කියලත්.

2021 අවුරුද්දේ බලපු හොඳම ඇනිමේෂන් එකක් තමයි මේ අරගෙන එන්නේ. පුද්ගලිකව මටනම් Raya and the Last Dragon එකෙන් පස්සේ බලපු කොලිටිම ඇනිමේටඩ් ෆිල්ම් එක තමයි මේක. සෑහෙන මහන්සි වෙලා කරපු වැඩක් කියන්න පුලුවන්. ඒ ගැන කියන්න දෙයක් ‍නෑ මොකද මේකට නිශ්පාදනයෙන් හවුල් වෙලා තියෙනවා Spider-Man: Into the Spider-Verse සහ Cloudy with a Chance of Meatballs චිත්‍රපටවලටත් සම්බන්ධ වුණු Phil Lord සහ Christopher Miller දෙපල. අධ්‍යයක්ෂණය Mike Rianda කර තිබෙන අතර Kurt Albrecht සහ Jeff Rowe කතා රචනයෙන් හවුල් වෙලා තියෙනවා.‍ Abbi Jacobson, Danny McBride, Maya Rudolph සහ Michael Rianda කියන අයවලුන් විසින් ප්‍රධාන චරිතවලට හඬ දායකත්වය සපයනවා. මේ වෙනකොට IMDb මීටරයේ 7.9/10 අගයක්ද, Tomatometer එකේ 97%ක ෆ්‍රෙෂ් අගයක්ද ලබාගැනීමට සමත් වී තිබෙනවා.

මේ ෆිල්ම් එක මුල් ප්‍රචාරණවලදි හඳුන්වල තියෙන්නෙ Connected නමින්. ඒත් සෝනි පික්චර්ස් සමාගම ‍කොඩිඩ් ගැටළුකාරී තත්වය එක්ක මේකෙ බෙදාහැරීමේ අයිතිය නෙට්ෆ්ලික්ස් එකට අලෙවි කරනවා. නෙට්ෆ්ලික්ස් එකෙන් තමයි The Mitchells vs. the Machines විදිහට මේක නම් කරන්නෙ.

කතාවෙ පසුබිම ටිකක් බැලුවොත්, මිචල් පවුලෙ සාමාජිකයො හතර දෙනෙක් ඉන්නවා. අම්මා, තාත්තා, දුව, පුතා. දුවගෙ නම කේටි මිචල්. එයා කැමති ටිකක් අමුතු විදිහෙ චිත්‍රපට හදන්නයි. ඒ වගේම තද චිත්‍රපට පිස්සියක්. එයාගේ එකම ආසාව චිත්‍රපට පාසලට ඇතුල් වෙන එක. කේටිගේ මල්ලි ඒරන් මිචල්, ඩයිනෝසර් පිස්සෙක්. ඩයිනෝසරයන්ගෙන් තොර ලොවක් මිනිහට නැති තරම්. ඒ වගේම මිනිහා පවුලෙ අයට ගොඩක් ආදරෙයි. තාත්තා පරිසරයට ලැදි, පරිසරය එක්කම ගැටෙන්න කැමති හාදයෙක්. අම්මා පළමු වසරෙ ළමයින්ට උගන්වන ගුරුවරියක්. තව හුරතල්, වපර බල්ලෙකුත් ඉන්නවා මෙයාලට. 😂 ඔව්, සෑහෙන වෙනස්කම් තියෙන අයගෙ එකතුවක් තමයි මිචල් පවුල. මොන වෙනස්කම් තිබ්බත් මේ පවුලෙ පොදු ලක්ෂණය තමා අමුතු බව. ඔයාලා ෆිල්ම් එක බලද්දි ඒක තේරෙයි.

හරි මිචල් පවුල ගැන කතා කළානෙ. දැන් පොඩ්ඩක් කතා කරමු මොකක් වටාද කතාව දුවන්නෙ කියලා. කතාව යන්නෙ රොබෝ කැරැල්ලක් වටා. ඔයාලා දන්නවා ඇතිනෙ දැනටමත් ලෝකෙ ගොඩක් දියුණු කෘතිම බුද්ධි තාක්ෂණයන් තියෙනව කියලා. ඔයාලා සමහර ඒවා දැනටමත් පාවිච්චි කරනවා ඇති. Apple Siri, Google Assistant කියන්නෙත් ටිකක් දියුණු කෘතිම බුද්ධි තාක්ෂණයන්. ඊට අමතර අපි එදිනෙදා පාවිච්චි කරන ඒවා ගොඩක් තියෙනව Everyday Examples of Artificial Intelligence කියලා ගූගල් කරලා බලන්නකෝ. එතකොට දැනගන්න ලැබෙයි.

මේකෙ අපිට හඳුන්වාදෙන කෘතිම බුද්ධියෙ නම තමයි පෑල්. පෑල් ලැබ්ස් සමාගමෙන් නිර්මාණය කරන ලද මෘදුකාංගයක්. හැමෝම වගේ පාවිච්චි කරන්නෙ පෑල් සහිත මොබයිල් ෆෝන්, ටැබ් සහ පරිගණක. හැබැයි නොහිතූ දෙයක් සිද්ධ වෙනවා. පෑල් ලැබ් එකෙන් නිර්මාණය කරන වැඩි දියුණු කළ පෑල් මැක්ස් කියලා හඳුන්වනරොබෝලා පෑල් ලැබ් ලොක්කගේ නියෝගවලට විරුද්ධව වැඩ කරන්න ගන්නවා. මේක කෙළවර වෙන්නෙ මිනිස්-රොබෝ යුද්ධයකින්.

ඉතින් කොහොමද මේකට මිචල් පවුල පැටලෙන්නෙ? අමුතු සහ එකිනෙකාට වෙනස් ගති තියෙන මිචල් පවුලට මොන එහෙකටද මේ වගේ දේකට මැදි වෙන්නෙ? කේටිගෙ චිත්‍රපට පාසල් සිහිනයට කුමක් වෙයිද? එකමුතුකමින් අඩු එයාලට මේ යුද්ධවලට පැටලිලා මොනා කරගනියිද? මේ ප්‍රශ්ණ ඔයාලටත් හිතෙන්න ඇති. ඒවා දැනගන්නනම් ඉතින් චිත්‍රපටය බලන්නම වෙනවා.

anime meaning in sinhala, anime sinhala sub, sinhala dubbed anime movies, anime in sri lanka in sinhala language, sinhala dubbed anime, animostlk. animost lk sinhala anime, sinhala dubbed anime japan free download, watch online, japan anime manga series in sinhala , sindub, sinhala dubbed movie, sinhala nime movies



Watch Online

Download Links 👇 | ඕකනෙ ඕන වුනේ 😅

❌මේ අහන්නකෝ...එකපාරටම පළවෙනි button එකෙන් download කරන්න එපා හරිද ටිකක් පහලට ගිහින් බලන්න... විවිධ quality වලින් හා size වලින් anime එක download කරගන්න පුලුවන්. බටන් කීපයක් දීල තියෙන්නෙ සමහර වෙලාවට සමහර බටන් වැඩ කරන්නෙ නැතුව යනවා ඒකයි

get it on sinhala chronicles
Mitchells.mp4 - Drive 1.9GB

1080P | 1.9GB

Mitchells.mp4 - Telegram 1.9GB

දන්නවද තව දෙයක් පහල තියෙනවා කමෙන්ට් දාන්න තැනක්... ඊලගට ඕනෙ ඇනිම් එක එතනින් කමෙන්ට් කරන්න


About the Author

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.