Go with our Telegram Channel About Us Join Now !

Ron's Gone Wrong [ සිංහල හඩකැවූ ] Sinhala Dubbed

බබල් සමාගම එයාලාගේ අළුත් නිර්මාණයක් එලි දක්වනවා B-bot කියලා. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධියක් තියෙන රොබෝවෙක්. ඒ රොබෝවට පුළුවන් අයිතිකාරයාගේ හැම දත්තක්ම...

2021 ‧ Family/Comedy ‧ 1h 46m

 

Ron's Gone Wrong

Release date: October 15, 2021 (UK)
Directors: Sarah Smith, J. P. Vine, Octavio E. Rodriguez
Production companies: Locksmith Animation, 20th Century Studios, Double Negative
Screenplay: Sarah Smith, Peter Baynham
Producers: Julie Lockhart, Lara Breay
Box office: 60.7 million USD

Trailer | HD

Plot

මම අරගෙන ආපු චිත්‍රපටිය ගැන කියනව නම්, ගිය අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් ලස්සනම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ. Locksmith Animation සමාගමේ පළවෙනි චිත්‍රපටිය විදියට මේක එලි දැක්වුනත්, සෑහෙන්න ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මේකට ලැබුණා. ගොඩක් අය නොහිතපු විදිහට ගොඩක් ලොකු ප්‍රතිචර ලැබිලා තියෙන බව Ratings ගැන බලනකොට හොඳටම පැහැදිලිව පේනවා.

Ron’s Gone Wrong චිත්‍රපටියේ ලෝක මංගල දර්ශනය 2021 BFI ලන්ඩන් චිත්‍රපට උළෙලේ 2021 ඔක්තෝම්බර් 9 වන දින පැවැත්වූ අතර, 2021 ඔක්තෝබර් 15 දින එක්සත් රාජධානියේ සහ 2021 ඔක්තෝම්බර් 22 දින එක්සත් ජනපදයේ සීමිත 3D නිකුතුවකින් තිරගත වුණා. ඒ AMC සහ Regal සිනමාහල්වල සහ මුලින් RealD 3D වලින්. මේ චිත්‍රපටය මුලින් Paramount Animation ලේබලය යටතේ Paramount Pictures විසින් බෙදා හැරීමට නියමිතව තිබුනත්, නමුත් ඒ වෙනුවට 20th Century Studios විසින් 20th Century Animation ලේබලය යටතේ බෙදාහැරලා. Ron’s Gone Wrong කියන්නේ 20th Century Animation හි 2021 අප්‍රේල් 10 වන දින Blue Sky Studios වැහුවට පස්සේ සිනමාහල්වල නිකුත් කරන ලද ප්‍රථම සජීවිකරණ චිත්‍රපටය මෙන්ම 20th Century Studios නාමය යටතේ තිරගත කරපු මුල්ම සජීවිකරණ චිත්‍රපටය. චිත්‍රපටය ලොව පුරා ඩොලර් මිලියන 60.4ක් උපයා ඇති අතර සාමාන්‍යයෙන් විචාරකයින්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබීලා තියෙනවා.

Animation, Comedy, Family ගණයට අයත් වන මෙම චිත්‍රපටිය Peter Baynham සහ Sarah Smith දෙදෙනාගේ එකමුතුවෙන් තමයි මේ චිත්‍රපටියේ කතාව ගොඩ නැගෙන්නේ. තිර රචනයත් කරලා දෙන්නේ මේ දෙන්නම තමයි. අධ්‍යක්ෂණය Sarah Smith සහ Jean-Philippe Vine දෙන්නා විසින්. තම කටහඬින් දායක වුන Jack Dylan Grazer, Zach Galifianakis, Justice Smith, Kylie Cantrall ඇතුළු විශාල දක්ෂ කණ්ඩායමක් මෙම සාර්ථක චිත්‍රපටියට දායක වෙනවා.
පැයයි මිනිත්තු 47ක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටිය දැනට IMDB 7.1/10, RottenTomatoes 80%, Commen Sence Media 4/5, Google Users 86% කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා.

කතාව පැත්තට හැරුනොත්,

බබල් සමාගම එයාලාගේ අළුත් නිර්මාණයක් එලි දක්වනවා B-bot කියලා. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධියක් තියෙන රොබෝවෙක්. ඒ රොබෝවට පුළුවන් අයිතිකාරයාගේ හැම දත්තක්ම වගේම කැමති අකමැති දේවල් සමාජ මාධ්‍ය ජාලා හරහා ලබාගෙන ඒවාට ප්‍රතිචාර දක්වන්න. බබල් සමාගමේ CEO වන Marc Wydell මේ B-bot නිපදවන්නේ අළුත් යාළුවන් සොයාගන්න අරමුණෙන්. ඒත් එක B-bot කෙනෙක් බාර්නි කියන පුංචි පිරිමි ළමයට උපන් දිනේට තාත්තා ගෙනල්ලා දෙනවා, ඒ B-bot බබල් ජාලය හා සම්බන්ධ වෙන්න බැරි අලුත ඉපදුන බබෙක් වගේ රොබෝවෙක්. ඒ තමයි රොන්. ඉතින් ඒ නිසා රොන්ට ගොඩාක් දේවල් අළුතෙන් ඉගෙන ගන්න වෙනවා. තාක්ෂණයේ දියුණුවත් එක්ක රොබෝ යාළුවෙක් හම්බවෙන බාර්නිගෙයි රොන්ගෙනුයි මිත්‍රත්වය ගැන තමයි මේ චිත්‍රපටිය පුරා දිව යන්නේ.

එහෙනම් හැමෝම බලන්න ආසාවෙන් හිටපු චිත්‍රපටිය බලන ගමන් ඔයාලගේ අදහස් එහෙම තියෙනව නම් comment කරන්න.

anime meaning in sinhala, anime sinhala sub, sinhala dubbed anime movies, anime in sri lanka in sinhala language, sinhala dubbed anime, animostlk. animost lk sinhala anime, sinhala dubbed anime japan free download, watch online, japan anime manga series in sinhala , sindub, sinhala dubbed movie, sinhala nime movies



Watch Online

Download Links 👇 | ඕකනෙ ඕන වුනේ 😅

❌මේ අහන්නකෝ...එකපාරටම පළවෙනි button එකෙන් download කරන්න එපා හරිද ටිකක් පහලට ගිහින් බලන්න... විවිධ quality වලින් හා size වලින් anime එක download කරගන්න පුලුවන්. බටන් කීපයක් දීල තියෙන්නෙ සමහර වෙලාවට සමහර බටන් වැඩ කරන්නෙ නැතුව යනවා ඒකයි

get it on sinhala chronicles

1080P | 1.4GB

ron.mp4 - Telegram 1.8GB
ron.mp4 - Drive 1.8GB

480P | 537MB

ron.mp4 - Telegram 537MB
ron.mp4 - Drive 537MB

360P | 419MB

ron.mp4 - Telegram 419MB
ron.mp4 - Drive 419MB

දන්නවද තව දෙයක් පහල තියෙනවා කමෙන්ට් දාන්න තැනක්... ඊලගට ඕනෙ ඇනිම් එක එතනින් කමෙන්ට් කරන්න


About the Author

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.