
පැහැදිලි කිරීම - Explanation
ඔයා කැමතිම චිත්‍රපටියක් හරි Series එකක් හරි බලද්දි, ඒකට උපසිරැසි (subtitles) එකතු කරාට පස්සෙ ඒව හරියටම වීඩියෝ එකත් එක්ක Play වෙන්නෙ නැති අවස්ථා ඇති නේද? සමහර වෙලාවට උපසිරැසි ටික කලින්ම පෙන්වයි, තවත් වෙලාවකට වීඩියෝ එකේ සිද්ධිය ගිහින් ටික වෙලාවකට පස්සෙ තමයි උපසිරැසිය එන්නෙ. මේක ඔයාටත් වෙලා ඇති නේද? මේක ඇත්තටම ගොඩක් අයට වෙන පොදු ගැටලුවක්. ඒකට හේතුව මොකක්ද දන්නවද? සමහර වෙලාවට වීඩියෝ ෆයිල් එකේ පොඩි වෙනසක් නිසා, නැත්නම් Subtitle ෆයිල් එක හදද්දි වුන පොඩි වැරැද්දක් නිසා මෙහෙම වෙන්න පුලුවන්. ඒත් කමක් නෑ, මේක හදාගන්න පුලුවන් ලේසි ක්‍රමයක් තියනවා. අපි අද බලමු VLC media player එකෙන් මේ වැඩේ ගොඩක් පහසුවෙන් කරගන්නෙ කොහොමද කියලා.
උපසිරැසි Sync කරගන්නෙ කොහොමද? (VLC media player භාවිතයෙන්)
මුලින්ම ඔයා මේ වීඩියෝ එකට අදාල උපසිරැසිය හරියටම ඇඩ් කරගන්න ඕනෙ. (උපසිරැසි ඇඩ් කරගන්නෙ කොහොමද කියල බලන්න කලින් කොටස බලන්න - Click Here). දැන් වීඩියෝ එකයි, උපසිරැසියයි දෙකම Play වෙනවා ඇති. දැන් අපි බලමු වීඩියෝ එකේ සිදුවීමත් එක්ක උපසිරැසි හරියටම ගලපගන්නෙ කොහොමද කියලා.
1. Desktop/Laptop සදහා (VLC media player)පරිගණකයකින් ඔයා වීඩියෝ එක බලනවනම් මේ වැඩේට VLC player එකේ Hotkeys (කෙටිමං යතුරු) භාවිතා කරන්න පුලුවන්. මේක තමයි ලේසිම ක්‍රමය.
Watch Video Tutorial
පියවර 1: වීඩියෝ එක Open කරගන්න.
ඔයාගේ වීඩියෝ එක VLC media player එකෙන් Open කරගන්න. ඒකට අදාල Subtitle ෆයිල් එකත් add කරගන්න.
පියවර 2: උපසිරැසි Play වෙන හැටි නිරීක්ෂණය කරන්න.
වීඩියෝ එක Play වෙද්දි හොඳට බලන්න Subtitle එක කලින් එනවද, පරක්කු වෙලා එනවද කියලා.
පියවර 3: Hotkeys භාවිතා කරමින් Sync කරන්න.
දැන් අපිට අවශ්‍ය වෙලාවට අනුව උපසිරැසි වේගය වෙනස් කරන්න පුලුවන්.
📌උපසිරැසිය පරක්කු වෙලා එනවනම් (Subtitle එක කලින් එන්න ඕනෙ නම්):
Keyboard එකේ G අකුර ඔබන්න.මේකෙන් උපසිරැසි මිලි තත්පර 50කින් (50ms) වේගවත් කරනවා.උපසිරැසිය හරියටම එනකල් G අකුර ටිකෙන් ටික ඔබන්න.
📌උපසිරැසිය කලින් එනවනම් (Subtitle එක පරක්කු වෙලා එන්න ඕනෙ නම්):
Keyboard එකේ H අකුර ඔබන්න.මේකෙන් උපසිරැසි මිලි තත්පර 50කින් (50ms) ප්‍රමාද කරනවා.උපසිරැසිය හරියටම එනකල් H අකුර ටිකෙන් ටික ඔබන්න.
මේ විදිහට G සහ H යතුරු ඔබමින් වීඩියෝ එකත් එක්ක උපසිරැසි හරියටම ගැලපෙනකල් ටිකක් try කරන්න. ඒක ගොඩක් පහසුයි!
2. Mobile phones සදහා (VLC media player)
ජංගම දුරකථනයකින් වීඩියෝ බලනවනම්, මේ වැඩේ VLC mobile app එකෙන් පහසුවෙන් කරගන්න පුලුවන්.
Watch Video Tutorialපියවර 1: වීඩියෝ එක Open කරගන්න. VLC mobile app එකෙන් ඔයාගේ වීඩියෝ එක Open කරගන්න. ඒකට අදාල Subtitle ෆයිල් එකත් add කරගන්න.
පියවර 2: Subtitle Menu එකට යන්න. වීඩියෝ එක Play වෙද්දි, Screen එක Tap කරාම පහලින් Buttons ටිකක් පෙන්වයි. ඒකෙන් (උපසිරැසි icon එක) Click කරන්න.
පියවර 3:දැන් අලුත් Menu එකක් එයි. ඒකෙ "Subtitle Delay" (සමහර විට "Subtitle synchronisation" වගේ නමක් තියෙන්න පුලුවන්) කියන option එක තෝරන්න.
පියවර 4:දැන් ඔයාට "+" සහ "-" Buttons පෙනෙයි.
📌උපසිරැසිය පරක්කු වෙලා එනවනම් (කලින් එන්න ඕනෙ නම්): "-" button එක ඔබන්න. (මේකෙන් Subtitle එක වේගවත් කරනවා). වීඩියෝ එකත් එක්ක හරියටම ගලපෙනකල් ටිකෙන් ටික ඔබන්න. (සාමාන්‍යයෙන් මිලි තත්පර 50-100 කින් වෙනස් වෙනවා).
📌උපසිරැසිය කලින් එනවනම් (පරක්කු වෙලා එන්න ඕනෙ නම්): "+" button එක ඔබන්න. (මේකෙන් Subtitle එක ප්‍රමාද කරනවා). වීඩියෝ එකත් එක්ක හරියටම ගලපෙනකල් ටිකෙන් ටික ඔබන්න. මේ විදිහට "+" සහ "-" භාවිතා කරමින් ඔයාට අවශ්‍ය විදිහට Subtitles Sync කරගන්න පුලුවන්.
වැදගත් කරුණු:
සාමාන්‍යයෙන් උපසිරැසි Sync කරන්න ඕනෙ වෙන්නෙ පොඩි වෙලාවක් (තත්පර කීපයක්) ඇතුලතයි. අඩුම ගානේ මිනිත්තු භාගයකටත් වඩා Subtitle එක Off වෙලා තියනවනම්, සමහර විට ඔයාට තියෙන්නෙ වැරදි Subtitle ෆයිල් එකක් වෙන්න පුලුවන් (උදා: episode 1 එකට episode 2 Subtitle එකක් වගේ). එතකොට Sync කරනවට වඩා නිවැරදි Subtitle එක හොයාගන්න එක තමයි හොඳම විසඳුම. දැන් ඔයාට කිසිම කරදරයක් නැතුව ඔයාගේ වීඩියෝ වල උපසිරැසි හරියටම ගලපගෙන බලන්න පුලුවන්. මොනවා හරි ගැටලුවක් ආවොත් අපිට කියන්න!