Go with our Telegram Channel About Us Join Now !

Your Name සහ Weathering with you අතර සම්බන්ධය​

The connection between Your Name and Weathering with you animes. Your Name සහ Weathering with you අතර සම්බන්ධය​

අද අපි කතාකරන්නෙ Your Name , Garden of Words , Weatherig with you යන ඇනිම් තුන අතර සම්බන්ධය​...

Weathering with you නිකුත් වුනාට පස්සෙ හුගක අය මේ චිත්‍රපටි තුන ගැන කතා කරා... මොකද කියනවනම් Your Name  එකේ හිටිය ප්‍රධාන චරිත දෙකක් ( Mitsuha , Taki ) Weathering with you  එකේ චරිත දෙකකට සමාන වීම තමයි මේකට හේතුව​.සුප්‍රසිද්ධ අධ්‍යක්ෂක Makoto Shinkai විසින් තහවුරු කර ඇත්තේ Mitsuha සහ Taki පසුව නිකුත් වූ Weathering With You චිත්‍රපටයේ ආරාධිත චරිතයක් නිරූපණය කළ බවයි.කොහොම වුනත්, රසිකයන් අවධානයට ලක් නොවූ දෙය නම්, ෂින්කායිගේ කලින් චිත්‍රපටය වන The Garden Of Words හිත් Your name හි චරිතවල ස්වරූපය දකින්න ලැබීමයි.මේ සම්මාන දිනූ සුපිරි චිත්‍රපට තුන සහ ඒවා අතර සම්බන්ධය මොකක්ද කියල බලමු...

Yukino Yukari ( ඉ ) යුකිනෝ ( ඉ ) යුකාරි

දෙවන චිත්‍රපටය වන කිමි නෝ නා වා හෙවත් your name , අපට Garden of Words හි යුකිනෝ යුකාරි, මිට්සුහාගේ සාහිත්‍ය ගුරුවරයා ලෙස දැකගත හැකිය.  Garden of Words  ප්‍රධාන චරිතයට ඇය​ සමාන වන අතර  එම නමම ඇත. එපමණක් නොව, චිත්‍රපට දෙකෙහිම චරිත සඳහා එකම හඬ නළුවා වන Hanazawa Kana හඩකවා ඇත.

චිත්‍රපටියේදී යුකිනෝ පැහැදිලිවම ප්‍රකාශ කළේ ඇය නැවත සිය උපන් ගම වන ෂිකෝකු වෙත යන බවයි. මෙය පළමු චිත්‍රපටයේ සිදුවීම් වලින් පසුව ඉටෝමෝරි හි යුකිනෝ පැමිණීමට පටහැනිය. කෙසේ වෙතත්, මෙම චරිත දෙක එකම යුකිනෝ යුකාරි බව Shinkai තහවුරු කර ඇත.

Yukino Yukari

Takao Akizuki  - ටකා (ඕ) අකිසුකි

Kimi no Na Wa හි Takao ගේ Cameo එකක් ( ආරාධිත චරිතයක් )  අනිවාර්යයෙන්ම එන​ බව Shinkai අවධාරණය කර තිබුණා. පෙර ප්‍රධාන චරිතය දැකීමට රසිකයන් අපොහොසත් වූ විට, ෂින්කායි ඔහුගේ රසිකයාගේ කුතුහලය​ ඉවත් කිරීමට​ Slow_mo දර්ශනයකින් Tako දක්නට​ ලැබෙන රූපරාමුව​ ඔහු Twitter හි  සදහන් කලේය​. චිත්‍රපටයේ Takao ගේ දසුනක් අපට දකින්නට ලැබෙන්නේ පාරේ ගමන් කරන්නෙකු ලෙසිනි. කෙසේ වෙතත්, සියලුම චිත්‍රපට සිදුවන්නේ එකම Universe එකක​ බව දැන ගැනීමට මෙය හොදම නිදසුනකි.

ෂින්කායිගේ ට්විටර් පණිවුඩය

Taki Tachibana - ටකි ටචිබානා

ඔයාල බලල තියෙනවනම් දන්නවා ඇති weathering with you එකේදි හිනයි හොදකයි යනවා ආච්චි කෙන්ක්ට උදව්වක් කරන්න හිනාට තියෙන බලයෙන්... ඒ ආච්චිගේ මියගිය සැමියාට ගෞරව කරන්න ගිණිමැලයක් පත්තු කරන්නයි ආච්චිට ඕනෙ වෙන්නෙ.. නමුත් වැස්ස නිසා ඒක කරන්න බෑනෙ... ඒ නිසයි හිනාට කතාකරන්නෙ ඉර එළිය අරන් දෙන්න කියල​... මෙතනදි ඔයාලට මතක ඇති එතනට තවත් පිරිමි ළමයෙන් එනවා... එයා හිනාටයි හොදකටයි වඩා වැඩිමහල් කෙනෙක්... මෙයා තමයි weathering with you එකේ ඉන්න ටකි ටචිබානා...

ටකී ටචිබානා කියන්නෙ Your Name එකේ ඉන්න චරිතයක්... නමුත් your name එකට පස්සෙ ආපු එකක් වෙන weathering with you එකේදිත් මෙයා ඉන්න නිසා weathering with you එකේ Cameo එකක් කියල ටකි ටචිබානාව​ හදුන්වනවා
Your Name එකේ ඉන්න ටකි ටචිබානා

weathering with you එකේ ඉන්න ටකිගේ cameoඑක​

Mitsuha Miyamizu - මිට්සුහා මියමිසු

මිට්සුහා කියන්නේකේ Your name එන character එකක්... ඒකෙ ප්‍රධාන චරිත දෙකෙන් එකක් තමයි Mitsuha කියන්නෙ... ඒ  වගේම ආරාධිත චර්තිතයක් ඉන්නවා weathering with you එකෙන්.. 

weathering with you එකේ හොදකා හිනාට gift එකක් ගන්න යනවනේ... එතකොට ඒ කඩේ කවුන්ටරේ ඉන්නෙ Mitshuha ගෙ cameo එකක් තමයි... නමුත් එතනදි නම හෙළි කරන්නෙ නෑ... කොහොම වුනත් හොදින් නිරීක්‍ෂණය කළොත් ඒ මිට්සුහා තමයි කියලා අදුරගන්න පුලුවන්

weathering with you එකේ එන Mitsuha ගෙ Cameo එක

Yotsuha Miyamizu - යොට්සුහා මියමිසු

Weathering With You චිත්‍රපටිය අවසානයේ හිරු එළියෙන් මිනිස්සු පුදුමයටත් සතුටටත් පත්වෙන විදිහ අපිට දැකගන්න පුලුවන් .ඒ දර්ශනයේ අහඹු චරිතයක් විදිහට මිට්සුහාගෙ නංගී වෙන යොට්සුහා ඇතුලත් කරල තියෙනවා.

Your Name එකේ යොට්සුහා

Weathering with you එකේ යොට්සුහා

පසුවදන​

ඉතින් මෙතනදි මම මතක් කරන්න ඕනෙ ලිපියට අවශ්‍ය කරුණු සපයාගත්තෙ කොහෙන් ද කියලා... ඒකට මම refer කරපු වෙබ්සයිට් එක තමයි otakukart.com කියන්නෙ... ඉතින් මේ your name, garden of words , weathering with you කියන Anime චිත්‍රපටි 3න් Your name සහ​ Weathering with you කියන දෙකම බලල තියෙන කෙනක් විදිහට මට සහතික කරන්න පුලුවන් Your name සහ​ Weathering with you අතර සදහන් කරපු සම්බන්දය නිවැරදී කියල​... නමුත් Garden of words සහ Your name අතර සම්බන්ධය ගැන සත්‍යතාව මට confirm කරන්න බෑ... ඒ අනුව ඔයාලත් මේ වෙබ් අඩවියට ගිහින් ලිපිය කියවලා බලන්න... ඒකෙ වැඩිදුර තොරතුරු අන්‍තර්ගතයි... 

මේ ලිපිය ලියන වෙලාවෙදි මේ Your name ඇනිම සිංහල හඩකවලා දාල තියෙන්නෙ... මෙතනින් ගන්න​ animostlk.blogspot.com එකෙන් සිංහලෙන්ම බලන්නත් අමතක කරන්න එපා...

ඒ වගේම මේ ගැන ඔයාලට තියෙන ප්‍රෂ්න සහ අපේ වැරදි අඩුපාඩු පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා

Your Name හි Mitsuha සහ Taki



About the Author

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

2 comments

  1. NICE 😁
  2. Superb
Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.