Go with our Telegram Channel About Us Join Now !

ලෝකෙ හොදම ජපන් ඇනිමේෂන් ස්ටූඩියෝ 07

ඇනිම් බැලුවට කවදාවත් හිතුවද මේව හදන ස්ටූඩියෝස් මොනවද කියල...? ඒ අතර ලෝකෙ හොදම ඇනිම් ස්ටූඩියෝ 7ක් ගැන තමයි අද #ForYou ලිපියෙන් කතාකරන්න
AnimostlLK

පෙරවදන​

හලෝ හලෝ 😏 ඇනිම් බැලුවට කවදාවත් හිතුවද මේව හදන ස්ටූඩියෝස් මොනවද කියල...?🙄 ඒ අතර ලෝකෙ හොදම ඇනිම් ස්ටූඩියෝ 7ක් ගැන තමයි අද #ForYou ලිපියෙන් කතාකරන්නෙ...😉 පහලට​👇

1. Madhouse

1972 දී ආරම්භ කරන ලද, Madhouse Studio යනු Japan anime Studio එකක් වන අතර එය බොහෝ කාලයක​ සිට​ ක්‍රියාත්මක වේ. එය ආරම්භ කරන ලද්දේ Osamu Dezaki, Rintaro, Yoshiaki Kawajiri සහ Masao Maruyama යන ඉතා දක්ෂ Animation ශිල්පීන් හතර දෙනෙකු විසිනි. ආරම්භයේ සිටම Madhouse විසින් superb කතා මාලාවන් සහ චිත්‍රපට නිෂ්පාදනය කළ අතර එමලක්‍ෂණය​ අද දක්වාම පවතී. කැපී පෙනෙන Madhouse නිෂ්පාදන අතර Death Note, One-Punch Man, Claymor, සහ Cardcaptor Sakura ඇතුළත් වේ. මැඩ්හවුස් Star Directors ගෙන ඒම සඳහා කීර්තියක් ඇති අතර, එක් කැපී පෙනෙන උදාහරණයක් වන්නේ සතෝෂි කොන් ය. මැඩ්හවුස් යනු Kon ගේ ඉහළ පිළිගැනීමට ලක් වූ චිත්‍රපට හතරටම වගකිව යුතු ඇනිමෙ චිත්‍රාගාරයයි - Perfect Blue, Paprika, Millennium Actress සහ Tokyo Godfathers.  අනෙකුත් ජපන් සජීවිකරණ studios සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම මෙන්ම, Madhouse ජාත්‍යන්තර Studios සමඟ ද සහයෝගයෙන් කටයුතු කරයි, උදාහරණයක් ලෙස එය X-Men සහ Wolverine වැනි විවිධ සජීවිකරණ මාලාවන් සඳහා Marvel සමඟ වැඩ කළේය.

2. Studio Bones

අනිත් ස්ටූඩියෝ වගේම මේකත් ආරම්භ කලේ තවත් ස්ටූඩියෝ එකක කට්ටියක් එකතු වෙලා.Sunrise.inc කියන එකේ හිටිය ල ටිකක් තමයි මේක ආරම්භ කරන්නෙ.ඒ 1998 වසරේදීමේ ස්ටූඩියෝ දෙක අතර කිසිම ගැටුමක් තිබිලත් නෑ... ඒ නිසා  2002 Cowboy Bepop : The Movie කියන එක මේ ස්ටූඩියෝ දෙක එකතු වෙලා කරල තියනවා.

3. Kyoto Animation

1981 දී ආරම්භ කරන ලද Kyoto Animation කියන්නෙත් තවත් හොද ඉතිහාසයක් තියෙන ස්ටූඩියෝ එකක්.මේක ආරම් භ කරල තියෙන්නෙ Yoko සහ Hideaki කියන දෙන්න​. මේකෙදි මේ ස්ටූඩියෝ එක සල්ලි ගෙවල කාර්‍ය මඬලයක් අරන් ත්මයි මේව හදන්නෙ... ඒ කියන්නෙ මේකෙ ස්ථිර සේවකයන් ඉන්නවා.ගොඩක් නිෂ්පාදන කරනවා වෙනුවට හොඳ නිෂ්පාදන එළිදැක්වීම තමයි මේකෙ ප්‍රධාන අරමුණ වෙන්නෙ.

4. Wit Studio

මේක production ig එකේ අනුබ්ද්ධ ආයතනයක්. මේකෙ මුල්ම වැඩේ තමයි Hajime Isayama ගේ Manga Attack on Titan කියන ඇනිම​. මේක Attack on Titan එකේ තවත් සංස්කරණ ඉදිරිපත් කරල තියෙනෙවා... ඒ වගේම Vinland Saga, Kabaneri of Iron Fortress සහ The Ancient Magus Bride කියන ඇනිමෙ වලටත් ජීවය දෙන්න මේ ස්ටූඩියෝ එකට හැකිවෙලා තියෙනවා

5. Toei Animation

මේකෙ සුපිරිම නිෂ්පාදන දෙකක් තමයි Dragon Ball Z and Sailor Moon කියන්නෙ. මෙතෙක් පැවති දීර්ඝතම​ presentations වලින් එකක් වෙන​ One Piece එකත් මේ ආයතනය නිෂ්පාදනය කරලා තියෙනෙවා.දැනට තියෙන පරණම studios වලින් එකක් තමයි මේ toei animation studio කියන්නෙ. මුලින්ම මේක හැදින්වුනේ Japan Animated Films කියල වුනත් Toei සමාගම විසින් මිලදීගත්තට පස්සෙ මේක Toei Animation ලෙස නම වෙනස් කරගන්නවා. 

පළමු චිත්‍රපටය​ : Kitty’s Graffiti
පළමු කතාමාලාව​ : Wolf Boy Ken

6. MAPPA Studio

MAPPA studio එක​ 2011 දී හිටපු Madhouse සේවක Masao Maruyama විසින් ආරම්භ කරන ලද අතර, එහි නම Maruyama Animation Project Produce Association යන්නයි. මරුයමා වෙන් වී තමාගේම studioව​ක් ආරම්භ කිරීමට හේතුව වන්නේ ඔහුට Madhouse හි  ආයතනික උගුල්වලින් ගැලවීමටයි. ඒ වෙනුවට ඔහුට වඩා නිර්මාණාත්මක නිදහසක් ඇති ව්‍යාපෘතිවල යෙදීමට​ MAPPA Studio එහි පළමු සජීවීකරණය වන Kids on the Slope නිෂ්පාදනය කරනවා. එදා සිට අද දක්වා මෙයාලගෙ ෆිල්ම් හොද සාර්ථකත්වයක් අත්කර ගන්නවා.

7. Studio Ghibli



Studio ghibli කියන්නෙ anime වලට විතරක් නෙවේ, ගොඩක්චි ත්‍රපටි වලට නම ගිය තැනක්... අපි දෙන ඇනිම් වුනත් හුගක් වෙලාවට දෙන්නෙ Ghibli එකේ ඒව​... හුගක් වෙලාවට පොඩි ළමයින්ට ඇනිම් නිෂ්පාදනය කරන මේ ආයතනය ආරම්භ වෙන්නෙ 1985 වසරේ.

පසුවදන​

මේ ලිපියට කරුණු සපයාගත්තෙ මෙතනින් Ref : https://www.vectornator.io/blog/japanese-anime-studios
ඒ වගේම ඔයාගෙ අදහස් හා යෝජනා පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා ✌😏

About the Author

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.