Go with our Telegram Channel About Us Join Now !

Pete's Dragon [ සිංහල හඩකැවූ ] - Sinhala Dubbed

කතාවෙ යන්නේ මකරෙක් ළඟ හැදී වැඩෙන පොඩි ළමයෙක් ගැන කතාවක්. මෙයාගෙ නම පීට්. අම්මයි තාත්තයි එක්ක විනෝද ගමනක් යන ගමන් ඉන්නකොට තාත්තා, වාහනේට හැප්පෙන යන ...
2016 ‧ Fantasy/Adventure ‧ 1h 43m

Pete's Dragon

Release date: August 12, 2016 (USA)
Director: David Lowery
Box office: 143.7 million USD
Budget: 65 million USD
Adapted from: Pete's Dragon
Nominations: Kids' Choice Award for Favorite Movie

Trailer | HD

Plot

සිනමාපටයේ නම තමයි Pete’s Dragon. සමහර අය නම් මේ නම අහලත් ඇති. 1977 වසරේ මේ නමින්ම යුක්ත සිනමාපටයක් නිකුත් වුණා. මම නම් බලලා නෑ හැබැයි. ඉතින් මේ සිනමාපටය තමයි මේ වසරේ නිකුත් වෙච්ච පීට්ස් ඩ්‍රැගන් සිනමාපටයට පාදක වෙන්නෙ. IMDb අගය 7.1 ක්. මේ සිනමාපටය ගැන නම් සමහරු බැනලත් තිබුණා, එලියට් පරණ එලියට්ට ගෑවිලාවත් නෑ කියල. මං නම් ඒක ගැන මුකුත් කියන්න දන්නෙ නෑ මොකද කළින් සිනමාපටය බලලා නැති නිසා. නමුත් මට නම් සිනමාපටය හිතට අල්ලලා ගිය. ටිකක් සංවේදී සිනමාපටයක්. සමහර තැන් වලදී හදවතට හුඟක් සංවේදීයි. අර අන්තිමට පීට් මකරගෙන් වෙන් වෙලා යන තැන එහෙම. පීට් ග්‍රේස් ලගෙන් එහෙම වෙන් වෙලා මකරා එක්ක පියාඹලා යන තැන එහෙම. ඒ වගේම හුඟක් විනෝදාත්මක තැනුත් තියෙනවා. සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වෙන්නෙ David Lowery. ඉස්සරහට එන පීටර් පෑන් සිනමාපටයකුත් මෙයා අධ්‍යක්ෂණය කරන්න ඉන්නවා කියලා කියනවා. අපේ ප්‍රධාන චරිතය වෙන පීට් විදිහට හුරුබුහුටි Oakes Fegley තමන්ගෙ රංගන දායකත්වය දෙනවා අපිට බලාගන්න පුළුවන්. ඒ වගේම Wes Bentley, Karl Urban, Oona Laurence, Bryce Dallas Howard, Robert Redford වැනි තවත් ජනප්‍රිය නළුනිළියන් කීප දෙනෙක්ම සිනමාපටය වෙනුවෙන් තම දායකත්වය ලබා දෙනවා. එහෙනම් කතා පොඩ්ඩක් බලමු.

කතාවෙ යන්නේ මකරෙක් ළඟ හැදී වැඩෙන පොඩි ළමයෙක් ගැන කතාවක්. මෙයාගෙ නම පීට්. අම්මයි තාත්තයි එක්ක විනෝද ගමනක් යන ගමන් ඉන්නකොට තාත්තා, වාහනේට හැප්පෙන යන මුවෙක්ව බේරන්න ගිහින් වාහනේ අනතුරට පත් වෙනවා. එතනදි බේරෙන්නෙ මේ පුංචි පීට් විතරයි. ඊට පස්සෙ මෙයාගෙ පස්සෙන් වෘකයෝ වගයක් පන්නනකොට ඒ ළඟ තිබුණ කැලේට තනියම දුවගෙන යනවා. අන්තිමේදි වෘකයෝ ටික මෙයාව කොටු කරගත්තහම එයාගෙ අළුත් යාළුවා, එලියට් කියන මකර ඇවිත් උන් ටිකව පන්නලා දාන්නෙ. එතනදි පීට් මකරගෙන් “ඔයා මාව කන්නද යන්නෙ” කියල අහන විදිහට සිරාවටම මාර විදිහට දුක හිතුනා. එලියට්ට පීට් මේ නම දාන්නෙ එයාගෙ කතා පොතේ හිටපු එලියට් කියන බලු පැටියගෙ නමෙන්. ඉතින් ඊට පස්සෙ මේ මකරා තමා මෙයාව බලාගන්නෙ. කොහොම හරි කාලය ගෙවිලා ගිහින් දවසක් මෙයාව මෙතන ගස් කපන්න ආපු කට්ටියකට හම්බෙනවා. ඒ නැටලි කියන පොඩි ගෑණු ළමය පීට්ව දැකලා එයා පස්සෙන් ගිහින් ගහකින් වැටිලා කෑගහන සද්දෙ ඇහුණම ඒ වෙලාවෙ කැලේ ළඟ හිටපු එයාගෙ ජැක් කියන තාත්තයි, ග්‍රේස් කියන ජැක්ගෙ පෙම්වතියයි කැලේට දුවගෙන ආවහම. දැන් මොකක් වෙයිද? පීට්ව මෙයාලා නගරෙට ගෙනියිද? එහෙම ගෙනිච්චොත් පීට්ට පණ වගේ ආදරේ කරන එලියට් මොනා කරයිද? ඒ ප්‍රශ්න වලට විසඳුම් ඔයාලටම හොයාගන්න කියලා මං විස්තරේ මෙතනින් අවසන් කරන්නම්.

anime meaning in sinhala, anime sinhala sub, sinhala dubbed anime movies, anime in sri lanka in sinhala language, sinhala dubbed anime, animostlk. animost lk sinhala anime, sinhala dubbed anime japan free download, watch online, japan anime manga series in sinhala , sindub, sinhala dubbed movie, sinhala nime movies



Watch Online

Download Links 👇 | ඕකනෙ ඕන වුනේ 😅

❌මේ අහන්නකෝ...එකපාරටම පළවෙනි button එකෙන් download කරන්න එපා හරිද ටිකක් පහලට ගිහින් බලන්න... විවිධ quality වලින් හා size වලින් anime එක download කරගන්න පුලුවන්. බටන් කීපයක් දීල තියෙන්නෙ සමහර වෙලාවට සමහර බටන් වැඩ කරන්නෙ නැතුව යනවා ඒකයි

get it on sinhala chronicles

1080P | 1.5GB

Pete's.mp4 - Telegram 1.5GB
Pete's.mp4 - Drive 1.5GB

දන්නවද තව දෙයක් පහල තියෙනවා කමෙන්ට් දාන්න තැනක්... ඊලගට ඕනෙ ඇනිම් එක එතනින් කමෙන්ට් කරන්න


About the Author

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.