Go with our Telegram Channel About Us Join Now !

Makoto Shinkai: The Magical Storyteller of Anime Skies

එකෝමත් එක දවසක දුර ඈත රටක් තිබුනා ජපානය කියල​. එහෙ එක ගමක ජීවත් වුනා "මකොටෝ ෂින්කායි" කියල පිරිමි ළමයෙක්.



එකෝමත් එක දවසක දුර ඈත රටක් තිබුනා ජපානය කියල​. එහෙ එක ගමක ජීවත් වුනා "මකොටෝ ෂින්කායි" කියල පිරිමි ළමයෙක්.

මකොටෝගෙ අරුම පුදුම වැඩවල ආරම්භය

මකොටෝ ඉපදුනේ 1973 පෙබරවාරි 9 Nagano කියන ස්ථානයේ. මෙයා මායාකාරයෙක් නම් නෙවෙයි Title එකේ තියෙන විදිහට 😊.පොඩි ළමයෙක් විදිහට එයා ආස කලා අහසට​, එයා හීන දැක්කෙ අහසේ වළාකුලු වලට එහායින් තියෙන දේවල් ගැන.

ඉස්කෝලෙ දවස් සහ අදහස්

මකොටෝ ඉස්කෝලෙ ගියා, හරියට ඔයා වගේම... ඒවුනත් එයාට අමුතු අදහස් තිබ්බ කතන්දර වලට. එකදවසක් එයා දැක්කා උල්කාපාත වර්‍ෂාවක්. ඒක තමයි හේතුව උනේ එයාව ලස්සන කතන්දර ගොතන්න.ෂින්කායි ගියා ඇනිමේශන් කරන විදිහ සහ ඒවගෙ රහස් දැනගන්න Chuo University කියල ඉස්කෝලෙකට.මෙයා අනිමේශන් field එකේ වැඩ අරඹන්නෙ video game animator කෙනෙක් විදිහට.

Voices of a Distant Star

මකොටෝගෙ පළවෙනි කෙටි චිත්‍රපටය වුනේ කියන Voices of a Distant Star කෙටි චිත්‍රපටය එයා ඒ චිත්‍රපටයේ සේරම දේවල් තනියන් තමයි කරේ. මේ චිත්‍රපටයේ තියෙන්නෙ ගැහැණු ළමයෙක් තමන්ගෙ පිටසක්වලින් ආපු boyfriend ට යවන ලිපියක් ගැන. ඒවගේම මේ චිත්‍රපටය නිසා ෂින්කායිගෙ සම්පූර්ණ ජීවිතයම වෙනස් වුනා.ඒ මොකද කිව්වොත් මේකත් එක්කම ෂින්කායි අපේ හදවතට කතා කරන චරිතයක් බවට පත්වුනා.

Shinkai ගෙ අනිත් මූවීස්

Shinkai තවත් ප්‍රසිද්ධම ඇන්ම් මූවී එකක් තමයි The Place Promised in Our Early Days කියන්නෙ. මේකෙ කියන්නෙ තරුවලට ලගාවෙන්න පුලුවන් කුලුණක් සහ යාලුවො දෙන්නෙක් ගැන. බලන්න ෂින්කායිට කොච්චර ලස්සන ideas එනවද කියල.

ඊලගට තියෙන්නෙ 5 Centimeters Per Second කියන චිත්‍රපටය. ඔයා දන්නවද කඳුලු බින්දුවක් කොච්චර වේගෙන් ඔයාගෙ ඇහෙන් පහලට වැටෙන්න පුලුවන්ද කියල? මේකෙ කියවෙන්නෙ ආදරය සහ කොහොමද ඒක සෙන්ටිමීටර් පහක් දුරින් ඉන්නව වගේ දැනෙන්නෙ , අපි ගොඩක් දුරින් හිටියත්....

ඊලගට Your Name කියන anime එක. මේක අපි සිංහලෙන් හඩකවපු එකත් දාල තියෙනවා. ඒක බලන්නත් ඔයාලට පුලුවන්. මේකෙ කියවෙන්නෙ ගැහැණු ළමයෙක් සහ පිරිමි ළමයෙක් එයාලගෙ ආත්මය හුවමාරු කරගැනීම ගැන ටිකක් අමුතු කතාවක්.

ඒවගේම Weathering with You එකත් මේවගේම කතාවක් , නමුත් ඒකෙ කියවෙන්නෙ කාළගුණය පාලන කරන්න පුලුවන් ගැහැණුළමයෙක් වට ගෙතුණු කතාවක්.

ඒවගේම 2022 අවුරුද්දෙ release වුන Suzume කියන එකත් ලස්සන ඇනිමේ එකක්. ඒකත් බලන්න ඔයාල. තව ගොඩක් ඇනිමෙ තියෙනවා ෂින්කායි මහත්මයා නිර්මාණය කරපු. මම පහලින් ඒ ලින්ක් ටිකත් දාල තියන්නම්. එතකොට ඔයාලට කියවල දැනගන්න පුලුවන්.

එතකොට මේක මෙතනින් ඉවරද?

නෑ... මකොටෝගෙ මේ වීරක්‍රියාව දිගටම කරගෙන යයි එයා...මොකද එයා දිගටම මේ වගේ ලස්සන ඇනිමෙ ගොඩක් හදනවා තාමත්... ඉතින් ඔයාගෙ ඇස් ඇරගෙන, හදවත විවෘත කරගෙන ඉන්න. මොකද එයා වියන කතා අපිව වශීකරනවා...

ලිව්වෙ AnimostLK වෙනුවන් Mitsuha Miyamizu.

Important Links : Wikipedia , Shinaki's Best, IMDB

About the Author

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

1 comment

  1. The title 5 Centimeters Per Second comes from the speed at which cherry blossoms petals fall
Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.